Wednesday, November 6, 2024

General line - 0115112241

චිත්‍රපටයක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට අද සිට සීමා




අද සිට ලබන 15 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමාකර තිබෙනවා.

ඒ, උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන්.          

ඒ අනුව අද සිට ලබන 15 වනදා දක්වා උදෑසන 07යි 30 සිට සවස 05යි 30 දක්වා කාල සීමාව තුළ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදු කෙරෙන බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරී ගමනාගමන එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවේ. 

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරී ගමනාගමන  එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවේ අදාළ දිනවලදී දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් එලෙස සීමා කෙරෙන බවයි.


ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන එම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතිය මත එම රූගත කිරීම් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.