ශීත ඍතුව වෙනුවෙන්, රුසියාවේ සිට අසූර් ගුවන් සේවයේ මංගල ගුවන් යානය අද දිවයිනට පැමිණියා.
රුසියාවේ වෙනිකොව් නුවර සිට පැමිණි එම ගුවන් යානයෙන් මගීන් 332ක් සහ 10 දෙනෙකුගෙන් යුත් ගුවන් යානා කාර්යය මණ්ඩලයක් පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
මංගල ගුවන් ගමන සදහා අසූර් එයාර් ගුවන් සේවය විසින් බෝයිං - 767 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණා.
එම ගුවන් යානය පිළිගැනීම සදහා ජල ආචාර පැවැත්වීමට කටුනායක ගුවන් බලධාරීන් පියවර ගත් බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.