මහමැතිවරණයට අදාළව තවත් පැමිණිලි 152ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම පැමිණිලි ලැබී ඇත්තේ ඊයේ පස්වරු 04යි 30 දක්වා වූ ගතවූ පැය 24 තුළයි.
එම පැමිණිලි අතරට මැතිවරණ ප්රචණ්ඩ ක්රියා 03ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 149ක් ඇතුළත්.
ඒ අනුව ඉකුත් සැප්තැම්බර් 26 සිට මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි ගණන 1,794ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
එම පැමිණිලිවලින් 1,483ක් මේ වන විටත් විසඳා අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.