රුපියල් හැට හත් ලක්ෂයක් වටිනා ගම්මිරිස් මෙටි්රක් ටොන් 03ක් කටුනායක ගුවන් තොටුපොළ අසළට ගෙන්වා ගෙන, ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන යන මුවාවෙන්, සොරා ගෙන යමින් සිටියදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි කර්මාන්තශාලාවක් මගින් ජර්මනිය වෙත අපනයනය කිරීම සදහා රැගෙන යන මුවාවෙන්.
කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම තරුණයා සමග ඔවුන් සොරා ගෙන යාමට තැත් කළ ගම්මිරිස් කිලෝ ග්රෑම් 1,500ක ප්රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ද සොයා ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි කටුනායක පොලිසිය පැවසුවේ.
'