Wednesday, November 6, 2024

General line - 0115112241

කළු තුෂාර සන්තකයේ තිබී දුරකතනයක් සහ සිම්පතක් STF භාරයට




බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රඳවා සිටි කළු තුෂාර සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සහ සිම්පතක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, එම බන්ධනාගාරයේ විශේෂ අංශයේ D කොටසේ 78 සිරමැදිරියේ සිදු කළ සොදිසි කිරීමකදීයි.

අත්අඩංගුවට ගත් ජංගම දුරකථනය සහ සිම්පත සම්බන්ධ වැඩිදුර විමර්ශන බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.