පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි චීන ජාතිකයින් 20 දෙනෙකු පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මතයි.
මෙම පුද්ගලයින් සතුව තිබී ලැප්ටොප් 5ක්, ජංගම දුරකථන 437ක්, තරාදියක්, USB කේබල් 332ක්, ජංගම දුරකථන චාජර් 133ක්, USB වයර් කෝඩ් 21ක්, රවුටර් 17ක්, අයි ෆෝන් 2ක් සහ තවත් උපාංග කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ලැගුම්ගෙන සිටි කෙසෙල්වත්ත ගොරකාන ප්‍රදේශයේ හෝටලයේ සති දෙකක් පමණ රැඳී සිට ඇති බවත් මාසිකව ලක්ෂ විස්සක කුලී පදනම මත එම හෝටලයේ රැඳී සිට ඇති බවත් පොලීසිය පැවසුවා.
මෙම පිරිස මෙලෙස රැඳී සිටියේ මූල්‍ය අපරාධයක් සිදු කිරීමටදැයි පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර, අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය අක්‍රමිකා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල ඉහළ යාමක් වාර්තාවන බවයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ.