Wednesday, November 6, 2024

General line - 0115112241

ඉන්දීය ටාටා ලෝකයට ගෙන ගිය රතන් ටාටා මිය යයි




ඉන්දීය ටාටා සන්නාමය ලොව පුරා ප්‍රචලිත කළ ටාටා සමූහයට නායකත්වය දුන් ඉන්දීය ප්‍රකට ව්‍යාපාරික රතන් ටාටා මිය ගොස් තිබෙනවා.

ඉන්දීය ධන කුවේරයෙකු වන රතන් ටාටා මිය යන විට 86 හැවිරිදි වියේ පසු වුණා. 

දශක දෙකකට වැඩි කාලයක් ටාටා සමූහයට නායකත්වය දුන් ඔහු ජාත්‍යන්තරය පිළිගත් ඉන්දීය ව්‍යාපාරික නායකයන් අතරින් ඉහළින්ම සිටින අයෙක්.

TATA යනු ඉන්දියාවේ විශාලතම සමාගමක් වන අතර එහි වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවනවා.

1937 දී සම්ප්‍රදායික පවුලක උපත ලැබූ රතන් ටාටා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය සහ ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව හැදෑරූ අයෙක්.

ඔහු ටාටා ඉන්ඩස්ටීරස් සමූහයට එක්වන්නේ 1962 වසරේදීයි.

2012 වසරේදී රතන් ටාටා, ‘ටාටා’ සමූහ ව්‍යාපාරයේ සභාපති ධුරයෙන් විශ්‍රාම ගත්තා.

ඒ වන විට ඔහු සමාගම් සියයකට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර තිබූ අතර එහි සේවය කර තිබූ සංඛ්‍යාව හය ලක්ෂ 66 දහසකට අධිකයි. 

ලොව ප්‍රමුඛ මෝටර් රථ සන්නාමයන් වන ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෙන්ම ලොව දෙවන විශාලතම තේ සමාගම වන ටෙට්ලි යන සන්නාම ටාටා සමූහයට එක් කර ගත්තේද ඔහුගේ සභාපතිත්වය යටතේයි.

2008 වසරේදී ඉන්දීය රජය රතන් ටාටා ට එරට දෙවන ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂණ සම්මානය පිරිනැමුවා.