Wednesday, November 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් ජිනීවා හිදී සම්මත වෙයි




ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී සම්මත කරගෙන ඇතැයි වාර්තා වනවා.

ඒ, ඊයේ දිනයේදීයි. කෙසේවෙතත් 51න් 1 යෝජනා සම්මතයේ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.