එළඹෙන මහමැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ නාම යෝජනා භාර දීම අද සිට ආරම්භ කරනවා.
ජාතික ජන බලවේගයේ විධායක සභික චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ සිය නාම යෝජනා පත්‍ර සකස් කර අවසන් බවයි.
සිය නාම යෝජනා භාර දීම අද සහ හෙට සිදු කරන බවයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ.
මැතිවරණ දිස්ත්‍රික්ක 22ම නියෝජනය වන අයුරින් නාම යෝජනා සකස් කිරීම අවසන් කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා කියා සිටියේ.
ගෑස් සිලින්ඩරය යටතේ තරඟ වදින නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ මේ වන විට දිස්ත්‍රික්ක මට්ටමින් නාම යෝජනා අත්සන් කිරීමේ කටයුතු සිදු වන බවයි.
මහමැතිවරණය සඳහා නාම යෝජනා භාර දීමට ඇති කාලය හෙට මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතයි.