පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ නීතිවිරෝධී මත්කරල් පන් ලක්ෂ 99,000ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් පිරිසක් බොරැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
එලෙස පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගත් මත් කරල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 06ක් පමණ වන බවයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමේදී මන්නාරම ප්‍රදේශයේ පදිංචි සුජි නැමැති පුද්ගලයෙකු බෝට්ටුවකින් පැමිණ මෙම මත්කරල් තොගය ලබාදුන් බවයි පවසා ඇත්තේ.
තවද මෙම නීති විරෝධී මත්කරල් පාසල් ලමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් අලෙවි කරන බවද අනාවරණය විය.
සිද්ධියට සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.