එළඹෙන මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තු බලය ලබා දිය යුතු බව සර්වජන බලය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
රට ස්ථාවර කිරීමට මෙන්ම ඔවුන් ලබා දුන් පොරොන්දු ඉටු කිරීමටද අවස්ථාවක් ලබා දිය යුතු බවයි ඔහු කියා සිටියේ.
ඉකුත් ජනාධිපතිවරණයෙන් ලද ඡන්ද ප්රමාණය එලෙසින්ම ජාතික ජන බලවේගයට ලැබුණද පාර්ලිමේන්තුවේ මන්ත්රී ධුර 120ක් ඔවුන්ට පහසුවෙන් ලබා ගත හැකි බවයි ඔහු පැවසුවේ.
සර්වජන බලය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්රියේ ප්රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
මේ අතර දියවන්නාවට දේශපාලන සංවාදය අද රාත්රී 07යි 30ට ප්රචාරය කෙරෙනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මිලින්ද රාජපක්ෂ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුවන් බෝපගේ හා දෙවන පරපුරේ උවිඳු විජේවීර ඊට එක් වනවා.