Wednesday, November 6, 2024

General line - 0115112241

ප්‍රධාන පක්ෂ හෙටින් පසු ගෙයින් ගෙට




මහමැතිවරණයට අදාළ නාමයෝජනා භාර දීමෙන් පසු සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරන බව ප්‍රධාන දේශපාලන පක්ෂ පවසනවා.

ජාතික ජන බලවේගයේ විධායක සභික මහින්ද ජයසිංහ මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් ලබා ගැනීමේ අරමුණෙන් මෙවර ප්‍රචාරක ව්‍යාපාරය සැලසුම් කර ඇති බවයි.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ ගෙයින් ගෙට යාම සඳහා මෙවර වැඩි ඉඩක් වෙන් කරන බවයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ එක් එක් අපේක්‍ෂකයින් පෞද්ගලික මට්ටමෙන් සිය මැතිවරණ ව්‍යාපාරය සිදු කර ගන්නා බවයි. 

මේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා.