Wednesday, November 6, 2024

General line - 0115112241

හිටපු අමාත්‍ය අනූප පැස්කුවල්ට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් නියෝගයක්

උදය කුමාර




අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය අනූප පැස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් අද නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම පිහිටි බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයක් සඳහා තහනම් කිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.