Wednesday, November 6, 2024

General line - 0115112241

සීනි, ළුෑණු, බිත්තර හා පොල් මිල බස්සන්න රජය වැඩ අරඹයි




භාණ්ඩ හා සේවා කිහිපයක වෙළඳපොළේ පවතින මිල ගණන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව එම මිල ගණන් අඩු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවයි අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.

ඒ අනුව ආනයනික ලොකු ළුෑණු පිරිවැයට වඩා ඉතා අධික මිලකට වෙළඳපොළේ අලෙවි වීම සම්බන්ධයෙන් සොයාබලා එම ගැටලු විසඳීමට යෝජනා ඉදිරිපත් කරන ලෙසයි අමාත්‍ය මණ්ඩලය ආහාර ප්‍රතිපත්ති කමිටුවට නිර්දේශ කර ඇත්තේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ දුඹුරු සීනි අලෙවි කිරීම සම්බන්ධයෙන් ද පවතින ගැටලු විසඳීමට අවධානය යොමුව ඇති බවයි.


බිත්තර සහ පොල් මිල පාලනය සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව තිබෙනවා.

අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ පොල් මිල පාලනය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.  


මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය හේතුවෙන් මෙරට තෙල් මිලට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව විශේෂ වාර්තාවක් ලබා ගෙන ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

එමෙන්ම අඩු වූ ඉන්ධන ගාස්තුවලට සාපේක්ෂව පාසල් වෑන් රථ ගාස්තු අඩු නොවීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බවයි අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.