අමාත්‍ය විජිත හේරත් මහතා තමන්ට කළ අභියෝගයට අද දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා පිළිතුරු ලබාදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකදි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ වාර්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සතුව ඇත්නම් ඒවා දින තුනක් ඇතුළත වහාම ලබාදෙන ලෙසයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ.