සැක සහිත ලෙස හෝටලයක රැඳී සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හලාවත, ඉරණවිල මාර්ගයේදී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු, ඉතියෝපියානු ජාතික පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු සහ කාන්තාවක්, කෙන්යානු ජාතික කාන්තාවක් සහ චීන ජාතික පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
මෙම පිරිස අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා සිදු කරන බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී පරිගණක 20ක්, රවුටර් 03ක් සහ ජංගම දුරකතන 282ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් ක්‍රියාත්මකයි.