Tuesday, November 5, 2024

General line - 0115112241

බිත්තර මිල දැක, මිල අඩු කළ බේකරි කර්මාන්තය අර්බුදයක




බිත්තර මිල අඩු වීම හමුවේ සිය නිෂ්පාදනවල මිල අඩු කිරීම හේතුවෙන් මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසුවේ පවතින තත්ත්වය හමුවේ බේකරි කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් මේ සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බවයි.

බිත්තර මිල ඉහළ දැමීම හරහා රජය අපකීර්තියට පත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

වෙළඳපොළේ බිත්තර මිල මේ වන විට රුපියල් 45 සීමාවට පැමිණ තිබෙනවා.