Tuesday, November 5, 2024

General line - 0115112241

හමාස් නව නායකයාත් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට




හමාස් නායක යහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසා තිබෙනවා.

දකුණු ගාසා තීරයේ රෆාහිදී ඊශ්‍රායල එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු හමාස් නායක ඉස්මයිල් හානියේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඝාතනයට ලක් වීමත් සමඟ ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස යහියා සින්වාර් හමාස් නායකත්වයට පත් වුණා.  

හමාස් නව නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය පවසා ඇත්තේ එය හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායලය ලැබූ විශාලතම ජයග්‍රහණය වන බවයි.

ඔහුගේ මරණය හමාස් සංවිධානයට බරපතළ ප්‍රහාරයක් වනු ඇති බවයි ඊශ්‍රායලය වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඊශ්‍රායලය විසින් එල්ල කල එම ප්‍රහාරය  හමාස් නායක යහියා සින්වාර් ඝාතනය කිරීමේ  සැලසුම් සහගත ප්‍රහාරයක් නොවන බවටද වාර්තා පළ වනවා. 

කෙසේවෙතත් යහියා සින්වාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.  

මේ අතර හමාස් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දුරකථන මාර්ගයෙන් සුබ පැතුම් එක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.