Tuesday, November 5, 2024

General line - 0115112241

හරක් හොරු නිසා කිරි කර්මාන්තය අත්හල ගමක් 




පානදුර උතුර පොලිස් වසමේ කෙසෙල්වත්ත දිග්ගල පාර ඇතුළු ප්‍රදේශ රැසකම නිරන්තරයෙන් සිදුවන ගව සොරකම සම්බන්ධයෙන්  පොලිසිය නිතිය ක්‍රියාත්මක නොකරන බව එම ප්‍රදේශයේ ගොවිපල් හිමියන් පවසනවා.

ගොවිපල් හිමියෙකු නෙත් නිවුස් වෙත සඳහන් කර සිටියේ  2000 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුල තමාගේ ගවයන් 54ක් සොරකම් කර ඇති බවත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරත් මේ වන තෙක් සොරකම සිදු කළ පුද්ගලයන්ව අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

තවද ඔහු සදහන් කර සිටියේ මේ හේතුවෙන් කිරි ගොවි කර්මාන්තය කඩා වැටීමට හැකි බවත් මේ වන විට කෙසෙල්වත්ත ප්‍රදේශයේ කිරි ගොවින් කර්මාන්තය අත්හැර ඇති බවයි.

මේ සඳහා නිසි පිළිතුරක් වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ.