හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නිල රථ හයෙන් 03 ක් ලබන 21 වෙනි සඳුදා දින නැවත භාරදීමට කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව එම නිල රථ 06 අතුරින් ගිලන් රථය ද ඇතුළු නිල රථ 03 ක් එලෙස නැවත භාරදීමට නියමිතයි.
කෙසේවෙතත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16 න් 08 ක් යළි භාරදී ඇති බවයි.
ඊට පිළිතුරු ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම නිවේදනයේ දක්වා ඇති වාහන සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි තොරතුරු නොවන බවයි.