පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කටුනායක ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් වූ වාර්තා විමර්ශන කටයුතු සඳහා මේ වන විටත් ආරක්ෂක අංශ වෙත ලබාදී ඇති බවයි.