Tuesday, November 5, 2024

General line - 0115112241

පළමු වසරට ඇතුළත් වන සිසුන්ගෙන් සියයට 38 ක් උසස් පෙළට පෙර, පාසල් අත්හරී




පළමු වසරට ඇතුළත් වන සිසුන්ගෙන් සියයට 38 ක් උසස් පෙළ විභාගයට පෙර පාසල් හැර යන බව සිදුකල අධ්‍යයනයකදී හෙළි වී තිබෙනවා. 

එම අධ්‍යයනය සිදුකල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනය අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ පාසල් හැරයන වැඩිම පිරිස පිරිමි ළමුන් වන බවයි.


උසස් පෙළ හැදෑරීමට පෙර සිසුන් එලෙස පාසල් හැරයාමට බලපෑ හේතු සම්බන්ධයෙන් ද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා අදහස් පල කළා.


2008 වසරේ පළමු වසරට ඇතුළත් වූ සිසුන් තුන් ලක්ෂ 30,448 කගෙන් 2021 වසරේ උසස් පෙළ හදාරා ඇත්තේ දෙලක්ෂ 29,023 ක් බවයි එම අධ්‍යයනයේදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ. 

ඒ අනුව අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා හෝ සිසුන් පාසල් තුළ රැඳී සිටිමින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අදාළව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනය අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසුවා.