රට බංකොලොත්භාවයෙන් ගොඩගැනීමට හැකියාව ඇත්තේ සිය පක්ෂයට පමණක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව ඒ පිළිබඳ සැලකිල්ලට ගනිමින් තීරණය ගනු ඇති බවයි ඔහු කියා සිටියේ.
කෙසේවෙතත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ දින 25 ක් ඇතුළත සිය ආණ්ඩුව ජනතාවට මේ වන විටත් සහන සලසා ඇති බවයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මහ මැතිවරණයට තරග වදින ආකාරය සමබන්ධයෙන් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අදහස් පළ කළේ මෙලෙසයි.