දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වැසි තත්ත්වය ලබන 24 වනදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද දිනයේ ද බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසුවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව ද ඔහු කරුණු දැක්වුවා.
මධ්‍යම - නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්රිත බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන කලාපය හෙට දිනයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ලබන 23 වනදා වන විට එය නැගෙනහිර, මධ්‍යම, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකියි.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවදානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් ද කළා.