මාතර, පාලටුව ප්රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ගිනි අවි නිපදවු ලැබූ ස්ථානයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.
ඒ, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. එහි තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, මිලි මීටර් 9 වර්ගයේ පතරොම් 5ක්, වෙල්ඩින් ප්ලාන්ට් එකක් සහ තවත් උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පාලටුව ප්රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුගෙන් කරන ලද ප්රශ්නකිරීම්වලදී එම ස්ථානයේ නිපදවූ ගිනි අවි දෙකක් මුදලට අලෙවි කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව එලෙස අලෙවි කරන ලද ගිනි අවි දෙක සමග ඒවා මිලට ගත් සැකකරුවන් දෙදෙනාද අහංගම ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් අහංගම ප්රදේශයේම පදිංචිකරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ අදාළ ගිනි අවි හා උපකරණ වැඩිදුර විමර්ශන සඳහා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් මාතර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.