හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ මැගසින් බන්ධනාගාරයට අද අද පැමිණියා.
ඒ, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සුවදුක් විමසීම සඳහායි.
රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
ඔහු එම බන්ධනාගාරයේ ‘එච්’ වාට්ටුවේ සාමාන්‍ය රැඳවියන් සිය දෙනෙකු සමග රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ලබාදීම ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැණුනා.
ඉන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාද මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියා.
ඉන් අනතුරුව ඔහු මාධ්‍ය හමුවේ ඔහු මෙලෙස අදහස් පළ කළා.