Saturday, November 2, 2024

General line - 0115112241

මහමැතිවරණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට




මහමැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේ තැපෑලට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම නොවැම්බර් 07වනදා දක්වා සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා විශේෂ දින තුනක්ද වෙන් කර තිබෙනවා.

හෙට දිනයේ, ලබන 31වනදා හා නොවැම්බර් 03වනදා යන දිනවලදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හරින බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

ලබන 07වනදායින් පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබෙන පුද්ගලයින්ට 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකියි.

මහමැතිවරණයට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් මස 14වනදා සිදු කෙරෙනවා.

මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබූ තැපැල් ඡන්ද දායකයින්ගෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලීමක්ද කළා.