Tuesday, December 24, 2024

General line - 0115112241

ඉන්දීය ආරක්ෂක උපදේශක සහ චීන විදේශ ඇමති අතර හමුවකට සැලසුම්




ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් හිමාලයේ සැබෑ පාලන රේඛාව සම්බන්ධයෙන් මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද මුර සංචාර ගිවිසුම පිළිගෙන තිබෙනවා.

ඒ ඔවුන් රුසියාවේ කසාන් නගරයේදී එකිනෙකා හමුවූ අවස්ථාවේදීයි.

එමෙන්ම "ඉන්දියා-චීන දේශසීමා ප්‍රදේශවල 2020 දී මතු වූ ගැටළු විසඳීමට ද නායකයින් දෙපළ එකග වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දු - චීන නායකයින් දෙපළ මෙලෙස මුහුණට මුහුණ සාකච්ඡා සඳහා සහභාගී වූයේ වසර 05 කින් අනතුරුව වීම ද විශේෂත්වයක්.

මේ අතර, තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස, දෙපාර්ශවයේම විශේෂ නියෝජිතයන් එනම් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී - "මායිම් ප්‍රශ්නයට සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් ගවේෂණය කිරීම සඳහා" ළඟදීම හමුවිය හැකි බව ද සඳහන්.

ඔවුන් දෙදෙනා ද 2019 වසරේ සිට විශේෂ නියෝජිතයන් ලෙස හමු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.