Tuesday, December 24, 2024

General line - 0115112241

පකිස්තාන පොලීසියට එරෙහිව නීතීඥයින් පාරට බසී




පොලීසිය විසින් නීතීඥයෙකුට පහර දීමේ සිද්ධියකට විරෝධය පා පකිස්තානයේ නීතීඥයින් විසින් කරච්චි නුවරදී පොලීසියට එරෙහිව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉකුත් බදාදා සිට මෙම විරෝධතා ක්‍රියාත්මක බවයි.

පකිස්තානයේ රථවාහන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නීතීඥ ඉක්බාල් ඉනායත් ජතොයිට වධහිංසා පමුණුවන ලදැයි කියන සිද්ධියට එරෙහිව Mehmoodabad පොලිසිය විසින් පළමු තොරතුරු වාර්තාව  ලියාපදිංචි නොකිරීමට විරෝධය පළ කරමින් නීතීඥයින් මෙම විරෝධතා ආරම්භ කර ඇති බවයි.

කෙසේවෙතත් ඇතැම් පකිස්තාන මාධ්‍ය පවසන්නේ පහර දීම සම්බන්ධයෙන් පොලීසිය නිශ්චිත තොරතුරු වාර්තා කර නොමැති බව‍යි.

විරෝධතා හමුවේ ඉකුත් බදාදා රාත්‍රියේ කරච්චි නුවර නගර රැසක රථවාහන ධාවනහට බාධා එල්ල වී තිබෙනවා.

ඇතැමුන් පැවසුවේ විරෝධතාකරුවන් පාලනය කිරීමට හෝ ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය අපොහොසත් වූ බවයි.