Saturday, November 2, 2024

General line - 0115112241

ජනපති සහ අගමැතිනිය අතර මත ගැටුම් ද? - මාලිමාවෙන් ප්‍රතිචාර




ජනාධිපතිවරයා සහ තමන් අතර මත ගැටුමක් ඇති බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමට ඇතැමුන් උත්සාහ ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

අත්තිඩිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර මත ගැටුම් පවතින බවට ප්‍රචාරය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.