ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.
ඒ, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17 ක පැවති මැතිවරණයෙන් කොට්ඨාස 15 ක බලය තහවුරු කර ගනිමින්.
ඒ අනුව ජාතික ජන බලවේගය ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 17,295 ක් වන අතර ඔවුන්ට මන්ත්‍රී ධුර 15 ක් හිමිව තිබෙනවා.
සමගි ජන බලවේගය ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 7,924 ක්.
ඒ අනුව ඔවුන්ට මන්ත්‍රී ධුර 06 ක් හිමිවන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 3,597 යි.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 03 ක්.
පොදුජන එක්සත් පෙරමුණ ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 2,612 ක්. ඔවුන්ට හිමිව ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 02 ක්.
ස්වාධින කණ්ඩායම මන්ත්‍රී ධුර 02 ක් හිමිකරගෙන ඇති අතර ඔවුන් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 2,568 ක්.
පොදුජන එක්සත් නිදහස් සංධානය මන්ත්‍රී ධුර 01 ක් හිමිකරගෙන තිබෙන අතර ඔවුන් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 1,350 ක්.
ජාතික ජනතා පක්ෂයට ද මන්ත්‍රී ධුර 01 ක් හිමිව තිබෙන අතර ඔවුන් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 521 ක්.
දෙවන පරපුර පක්ෂය සහ ජනසෙත පෙරමුණ පක්ෂය ද මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කළ අතර එම පක්ෂ දෙකට කිසිදු මන්ත්‍රී ධූරයක් හිමිව නැහැ.
ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කළා.