රජය ජනතාවට ලබාදුන් බලාපොරොත්තු ඉටුකර නොමැති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල මේ වන විටත් වෙළඳපොළ තුළ ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්වී ඇති බවයි කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අත්‍යවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවර මහ මැතිවරණයේ දී තරුණ කණ්ඩායම්වලට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමාන රජය මේ වන විටත් සාර්ථකව පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඇතැම් කණ්ඩායම් එම පරීක්ෂණ කටයුතු අඩපණ කිරීම සඳහා විවිධ උත්සාහයන් දරමින් සිටින බවයි අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.