ඊශ්‍රායලයට එල්ල විය හැකි ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර පිළිබදව අවධානයෙන් සිටිය ලෙස ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලාංකිකයන්ට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මේ බව අවධාරණය කර තිබෙනවා.
නිවාඩු සඳහා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයට ඇතුල්වීම වෙනුවෙන් නිකුත් කර ඇති වීසා බලපත්‍රවල කාලය ඉකුත් වීමට දින 02 කට හෝ 03 කට පෙර යළි ඊශ්‍රායලයට පැමිණෙන ලෙසද තානාපතිවරයා ලාංකිකයන්ගේ ඉල්ලා සිටිනවා.
ඊශ්‍රායලයේ පවතින යුදමය තත්වයත් සමඟ මැදපෙරදිග කලාපයේ ගුවන් යානා ගණනාවක් ඊශ්‍රායලය වෙත ඇති තම ගමන්වාර අවලංගුකර ඇති බව ද ඔහු පැවසුවා.
එසේම ශ්‍රි ලංකාව බලා යාමට අපේක්ෂා කරන පිරිස ද තම වීසා බලපත්‍රය ලබා නොගෙන රටින් පිට නොවිය යුතු බවයි ඔහු සඳහන් කළේ.
පසුගිය සති කිහිපය තුළ ඊශ්‍රායලයේ පැවති දීර්ඝ නිවාඩුව හේතුවෙන් වීසා නිකුත් කිරීමේ ප්‍රමාද වූ බවද ශ්‍රි ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා පැවසුවා.
ඊශ්‍රායලය ගුවන් යානා 100ක් පමණ යොදා ගනිමින් ඉරානයේ ටෙහෙරාන් ඇතුළු ප්‍රදේශ ගණනාවකට ප්‍රහාර එල්ල කර තිබුණා.
එහිදී උද්ගත වූ අනාරක්ෂිත වාතාවරණය හමුවේ ඉරානය සිය ගුවන් කලාපය පැය කිහිපයකට වසා දැමීමට පියවර ගත්තා.