දූෂණ, චෝදනා එල්ල නොවූ රටට සේවය කළ හැකි පුද්ගලයින් මෙවර මහ මැතිවරණයේදී හඳුනාගෙන ඔවුන්ට ඡන්දය ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.
චෝදනා එල්ල නොවූ අපේක්ෂක කණ්ඩායම සිටින්නේ ජාතික ජන බලවේගයේ බවයි ගොතටුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ පසුගිය රජය කෙටුම්පත් කර ඇති නව පනත කෙරෙහි අවධානය යොමු කරන ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.
මැද පෙරදිග මතුව ඇති යුද ගැටුම් සම්බන්ධයෙන් අවදානය යොමු කර ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත තෙල් සංචිත සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනූෂ නානායක්කාර මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කරනවා.
ඔහු සඳහන් කළේ මැද පෙරදිග පවති යුද ගැටුම් වර්ධනය වුවහොත් ශ්‍රී ලංකාවට ඒ තුළින් බලපෑම් එල්ලවිය හැකි බවයි.