දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් මෙවර මහ මැතිවරණයේදී ජනතාව ස්ථිර වශයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පාර්ලිමේන්තුව නියෝජනය කළ පළපුරුදු නියෝජිතයින් නීතිය අවභාවිතා කරමින් ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කර ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.
මීගමුව ප්‍රදේශයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකල ප්‍රකාශයකට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.
ජනාධිපති ධූරය භාරගෙන කෙටි කාලයක් තුළදී ජනතාවගේ අත්‍යවශ්‍ය ගැටලුවලට විසඳුම් ලබාදීමට හැකි වූ බවත් ආර්ථිකය ද මේ වන විට ශක්තිමත් වෙමින් පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් සඳහන් කළා.