දිවයින පුරා වී ගබඩාවල පවතින නාඩු සහල් සම්බන්ධයෙන් සිදුකල සමීක්ෂණ වාර්තාව අද දිනයේ ජනාධිපතිවරයාට භාරදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම් පී එන් එම් වික්‍රමසිංහ මහතා පවසනවා.
වෙළඳපොල තුළ මතුව තිබූ නාඩු සහල් පිළිබඳ ගැටළුව සහ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් පසුගියදා පාරිභෝගික අධිකාරියට මේ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම් දුන් බවයි අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ.
වී මෝල් හිමියන් ව්‍යාජ සහල් හිඟයක් මතු කරමින් නාඩු සහල් මිල ඉහළ දැමීමේ උත්සාහයක නිරත වන බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම් පී එන් එම් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.