ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ආරුගම්බේ ප්‍රදේශයේදී එල්ල කිරීමට සැලසුම් කළා යැයි කියන ප්‍රහාරය ජනතාවට කල් තියා දැනුම් නොදීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් ආරක්ෂ අංශයට සහ රජයට චෝදනා කළා. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පොලීසියෙන් විමසීමක් කළා.
එහිදී ඔවුන් සඳහන් කළේ පවතින ආරක්ෂක ක්‍රමවේදවලට අනුව පළමුව එම තොරතුර පිළිබඳ විමර්ශන කටයුතු සිදුකර තහවුරු කර ගැනීමට අවශ්‍ය බවයි.
ඉන් පසුව අදාළ ප්‍රහාර සැලසුම පිළිබඳ ජනතාවට දැනුම්දීම සිදු කරනු ලබන්නේ පවතින ආරක්ෂක ක්‍රමවේදවලට අනුකූලව බවයි පොලිසිය පැවසුවේ.
මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා.
රටපුරා තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.