ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් හා නිසි පරිදි එම වාර්තා සකස් නොකළ අපේක්ෂකයන්ට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් තිදෙනෙකු එම වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී නොමැති බවයි.
අදාළ අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ද කටයුතු කරමින් සිටින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවා.