Saturday, November 2, 2024

General line - 0115112241

දුෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් අල්ලන මෙහෙයුමේ අළුත්ම තත්වය

සම්පත් කුලරත්න




පසුගිය රජයන් සමයේදී සිදු වූ අක්‍රමිකතාවලට අදාළ සෑම පුද්ගලයෙකුටම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔවුන්ට එරෙහිව අදාළ විමර්ශන සිදු කිරීම සඳහා සුදුසු නිලධාරින් පත් කිරීම ද මේ වන විටත් සිදු කරමින් ඇති බවයි ගාල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.


කෙසේවෙතත් ආණ්ඩුව කුමන හෝ වැරැද්දක් සිදු කළහොත් ඊට එරෙහිව තමන් පෙනී සිටින බවයි කළුතර පැවති ජන හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ.