බලපත්‍ර නොමැතිව පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පදවිය 01 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවතා සිදුකල පරික්ෂාවකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
එම මෝටර් රථයේ තිබී වෙඩි බෙහෙත් කිලෝ ග්‍රෑම් 75 ක්, ජෙලට් නයිට් කූරු 90 ක්, ජෙටනේටර් කූරු 300 ක් හා සේවා නූල් 05 ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හිදෝගම හා මාපාලඩිකුලම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.