ආරුගම්බේ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය විශේෂ ප්‍රකාශයක් සිදුකලා
කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමින් ඇය මේ බව පවසා සිටියේ
ඒ අනුව අය පවසා සිටියේ ආරුගම්බේ ප්‍රදේශයට ඇති තර්ජනය සම්බන්ධයෙන් දැනගත් පසු එම තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන් ට දැන්වූ බවත් ඔවුන් ඊට ඉක්මණින් ප්‍රතිචාර දැක්වූ බවයි.
තවද ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ද ඇය සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා ඇති බව පැවසීම "ව්‍යාජ පුවතක්" බවයි.
තවද ඇය සඳහන් කර සිටියේ පසුගිය සතියේ ආරක්ෂක අනතුරු ඇඟවීම සිදුකළේ අමෙරිකානු පුරවැසියන් ට නැවත දැනුම්දෙනතුරු ආරුගම්බේ නොයන ලෙස බවයි