බොලිවියාවේ හිටපු ජනපති එවෝ මොරාලස්ගේ මෝටර් රථය ඉලක්ක කරමින් නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තබා තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් බොලිවියාවේ හිටපු ජනපති දිවි බේරා ගෙන ඇති අතර ඔහුගේ රියැදුරාට තුවාල සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .
දිවි බේරාගත් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. වත්මන් බොලිවියානු පාලනය ඊට වගකිව යුතු බවයි .
බොලිවියාවේ හමුදා කඳවුරක් ආසන්නයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2006 සිට 2019 දක්වා ජනාධිපතිව සිටි මොරාලෙස්ට, ස්ත්‍රී දූෂණ සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අතර ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.