සිය රජයක් යටතේ ජනතාව මත පැටවී ඇති බදු බර අඩු කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ සඳහා ජාත්‍යන්තර අරමුදල සමඟ පවතින ගිවිසුම ද සංශෝධනය කරන බවයි බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබූ විශ්වාසය පළදුවී ඇතැයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරන සාගල රත්නායක මහතා පවසනවා. ඒ අනුව විපක්ෂය ලබන ඡන්ද ප්‍රතිශතය වැඩිවී ඇති බවයි මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව පිබිදීමක් දක්නට ලැබෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේ ප්‍රතිඵලයෙන් එය මනාව පැහැදිලි වන බවයි ඔහු කියා සිටියේ.
කෙසේවෙතත් ඉදිරි මහ මැතිවරණය ජාතික ජන බලවේගය ජය ගන්නා බවයි එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ.