පසුගිය රජය සමයේදී මෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කිසිදු සූදානමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම් පී එන් එම් වික්‍රමසිංහ මහතා පවසනවා.
කුකුළු ආහාර සඳහා බඩඉරිඟු ආනයනය කිරීමට ලබන වසරේ සිට නිශ්චිත කාල රාමුවක් හඳුන්වාදෙන බවයි ඔහු කියා සිටියේ.
එමඟින් කුකුළු ආහාර මිල අඩුකර වෙළඳපොළේ බිත්තර මිලද පහළ දැමිය හැකි බවද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා නෙත් නිවුස් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියා.
ඉදිරියේදී බිත්තර මිල රුපියල් 35 ක් වැනි මිලකට අඩුවන බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.