අධික වේගයෙන් ධාවනය වූ මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්රපාතයෙන් පිහිටි තේ වත්තකට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා
හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ෂැනන් වත්ත ප්රදේශයේදී අලුයම 2 ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර හැටන් පොලිසිය සඳහන් කර සිටියේ වටවල සිට හැටන් දක්වා අලුයම් කාලයේ ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් මොටර් රථයේ රියදුරුට මාර්ගය නිසිලෙස දිස් නොවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි
මොටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ මොටර් රථයේ සිව්දෙනෙකු ගමන් කර තිබෙනවා.
අනතුරෙන් කිසිවෙකුට තුවාලයක් සිදු වි නොමැති වුවත් මොටර් රථයට දැඩි අලාභහානි සිදු වී ඇති බව හැටන් පොලිසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
අනතුර පිළිබඳව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පරික්ෂණ පවත්වනු ලබනවා.