බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ C කොටසේ තිබී ජංගම දුරකථනයක් සහ දුරකථන කොටස් කිහිපයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමත්ව තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල හදිසි සෝදීසි මෙහෙයුමකදීයි.
එම බන්ධනාගාරයේ CCTV මෙහෙයුම් මැදිරියේ නිරික්ෂණය වූ දර්ශන අනුව බන්ධනගාරයේ විශේෂ අංශයේ C කොටසේ අංක 69 සිර මැදිරියේ රඳවා සිටින රැඳවියාගේ හා අංක 74 සිර මැදිරියේ රදවා සිටින රැඳවියාගේ සිර මැදිරි තුල තිබි එම උපකරණ සොයාගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
ජංගම දුරකථන 03 ක්, හැන්ඩ් ප්රී 01 ක්, චාජර් පරිපථයක් හා ඩේටා කේබලයක් එහි තිබී සිය භාරයට ගෙන ඇති අතර ඒවා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.