Saturday, November 2, 2024

General line - 0115112241

රාජ්‍ය සේවක වැටුප් ගැන රනිල්ගේ ප්‍රකාශයකට ආණ්ඩුවෙන් පිළිතුරක්




රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා පසුගිය රජය විසින් කිසිදු ආකාරයක මුදල් වෙන් කිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

කෙසේවෙතත් ලබන වසරේ සිට රාජ්‍ය සේවයේ වැටපු වැඩි කිරීම සඳහාත්, ලබන ජනවාරියේ සිට රුපියල් 5,000 හිඟ වැටුප් දීමනාව ලබාදීමටත් කටයුතු කරන බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට සිය රජය මුදල් වෙන්කර ඇති බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා සිදුකල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විජිත හේරත් අමාත්‍යවරයා.

රාජ්‍ය සේවකයන් රැවටීමට වත්මන් රජය කිසිවිටෙකත් කටයුතු නොකරන බවද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී අවධාරණ කළා.