මෙරට විදේශ සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටි ප්‍රදේශයක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට ලද තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි විමර්ශන නිලධාරින් එහිදී අධිකරණයට දැනුම්දී ඇත්තේ.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී නියෝග කර තිබෙනවා.