Monday, December 23, 2024

General line - 0115112241

අමෙරිකාවත් බියගන්වමින් ගාසා තීරයට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාරයක්




ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ දරුණු ප්‍රහාරයක් පිළිබඳ විදෙස් මාධ්‍ය අද තොරතුරු වාර්තා කළා.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා නගරයටයි.

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් එල්ල කිරීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයන් 93 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කෙසේවෙතත් ඇතැම් මාධ්‍ය වාර්තා කළේ මෙම පුද්ගලයින් 93දෙනාම මිය ගොස් ඇති බවයි.

ඒ අතරට ළමුන් 25 දෙනෙකුද අයත් බව එම වාර්තාවල සඳහන්.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඇතැම් මළ සිරුරු තාවකාලික සොහොන්වල කඩිනමින් මිහිදන් කිරීමට සිදුව ඇති බවයි.

ඒ, එම මළ සිරුරු පොදු සුසාන භූමි වෙත පවා රැගෙන යාමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින්.

මෙම ප්‍රහාරය අමෙරිකාවද බිහිසුණු ප්‍රහාරයක් ලෙසයි හඳුන්වා දී ඇත්තේ. ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ මහල් පහකින් යුත් නේවාසික ගොඩනැගිල්ලක්.

එහි ළමයින් සහ වැඩිහිටියන් ඇතුළු පුද්ගලයින් 200 ක් පමණ සිට ඇති බව සඳහන්. 

ප්‍රහාරයෙන් සිවිල් වැසියන්ට ද හානි සිදුව ඇති බවට පළ වන වාර්තා ඊශ්‍රායල හමුදාවද පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.