Saturday, November 2, 2024

General line - 0115112241

ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප 




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැඩි ඇපකොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය අද නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියන 5ක් බැගින් ශරීර ඇප පහක් මත ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මුදා හරින ලෙසයි අධිකරණය නියෝග කළේ.

මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබුනා 

අදාළ මෝටර් රථය සැක කටයුතු ලෙස  කොළඹ තරු හෝටලයක රථ ගාලේහි නවතා තිබියදී පරීක්ෂණ ආරම්භ කෙරුණා.

එය බ්‍රිතාන්‍යයේ දී සොරකම් කර එකලස් කළ වාහනයක් ද යන්න පිළිබඳ විමර්ෂණ සිදු කෙරෙනවා.